කෙටි කතාවක කොටස් කිහිපයක්.
කොටස් කිහිපයක කතාවක්...
1 කොටස....
( 2021 )
"අ....ම්....මේ.....අනේ....අම්මේ..."
පාන්දර දෙකට විතර ඇහුණු මයුමිගෙ කෑ ගැහිල්ලට අම්මා සුනේත්රා, තාත්තා දුවන්නෙ කොහෙටද කියලවත් සිහියක් නොතිබුණු ඒ අය කළුවරේම මයුමිගෙ කාමරේට දිව්වා. කාමරේට ඉස්සෙල්ලම ඇතුළු වුණු අයියා කාමරේ ලයිට් එක දානකොටත් මයුමි හිටියේ ඇඳේ බිත්තිය කෙළවරට වෙලා අත් දෙකෙන් ඔළුව බදාගෙන දණහිස් අස්සෙ ඔළුව හංගගෙන. මයුමි හොඳටම ගැහෙනවා අයියා දැක්කා.
"චූටි...චූටී.....මොකද මේ?"
අයියා කතා කරනකොටත් මයුමි හිටියේ ඒ වි
"චූටි දූ....අනේ ඇයි මේ?? ඇයි පුතේ කෑ ගැහුව?"
අම්මා ඇවිත් කතා කළත් මයුමි ඔළුව ඉස්ස ඇඳේ කෙළවර ඉන්න මයුමි ළඟටම ගිය තාත්තා මයුමිව තුරුළු කර ගන්නකොටත් මයුමිගෙ ගැස්සිල්ල අඩු වෙලා තිබ්බෙ නැහැ.
" අනෙ මහත්තයා...ඇයි මේ දරුවා මෙහෙම"
"ශ්....අපි බලමුකෝ "
කවදත් නිහඬ ඉවසීමෙන් වැඩ කරන තාත්තා එහෙම කියලා මයුමිගේ ඔළුව අත ගාන්න පටන් ගත්තා. මයුමිගෙ ඇඟ ගැහෙන එක ටිකෙන් ටික අඩු වෙනවා කියලා දැකපු තුන් දෙනාම සැනසුම් සුසුම් හෙලුවේ මයුමි දණහිස් දෙක අතරේ හංග ගෙන හිටපු ඔළුව උස්සනකොටයි. තඩිස්සි වෙලා, රතු වෙලා තිබුණු ඇස් දෙකත් එක්කම තාත්තට තුරුළු වුණු මයුමි ආයෙම අඬන්න ගත්තා.
" අ...නේ තා..ත්...තේ ..... මා. ව ත..ල්..ලු ක..ළා ත්..ව..... ... ක.ළා"
"කවුද චූටි දුවව තල්ලු කලේ?"
"දන්නෙ නෑ තාත්තේ ... පෙ..නු..නෙ නෑ හරියට ... ඒත් ... එ..යා..ලා..එ..යා..ලා .. මාව තල්ලු කළා..මා..ව ..මා..ව.. කරකැවිලා පහළටම ගියා ත෭තතේේක"
මයුමි අඬන ගමන්ම කතා කළා.
" ඇයි චූටි දූ බය වෙන්නේ?"
"දන්නෙ නෑ...ඒත්...ඒ...ත්...මට බ..ය..යි..තාත්තෙ"
"මං කියලා තියෙනවා නේද චූටි දුවට රෑට හොල්මන් ෆිල්ම් බලන්න එපා කියලා. ම්ම් .. ඒවා බලලා තමා ඔයා ඔය බය වෙන්නේ. තේරුණාද ?? ම්ම්ම්..පුතා චූටිට වතුර වීදුරුවක් ගේන්න"
"ඉතිපිසෝ ගාථාව කියලා නිදා ගන්න චූටි දූ. එතකොට ඔය නරක හීන පේන්නෙ නැහැ"
"තාත්තේ, ආ වතුර එක"
"හරි, දූ නැඟිටලා දැන් මේ වතුර එක බීලා හොඳ හුස්මක් අරන් නිදා ගන්න. හරිද? කෝ නැඟිටින්න"
තාත්තට තුරුළු වෙලා හැමදේම අහගෙන හිටපු මයුමි තාත්තගෙන් ඈත් වෙලා අයියා ගෙනත් දුන්නු වතුර එක බිව්වා.
"හරිද දැන්?ම්ම්.."
මයුමි කතා නොකර ඔළුව විතරක් වැනුවා.
"අම්මා චූටි දූ ළඟ නිදා ගනී. දැන් ඒ හීනෙ අමතක කරලා හොඳට නිදා ගන්න. හරිද?"
මුකුත්ම නොකියා මයුමි ඔළුව වනනකොට කාමරේ ලයිට් එකත් නිවලා, දොරත් වහගෙනම තාත්තයි, අයියයි කාමරෙන් එළියට ආවා. අම්මට තුරුළු වෙලා මයුමි නිදා ගන්න වු.
"අම්මේ"
"හ්ම්"
"ඇත්තටම මාව කවුරු හරි තල්ලු කළා අම්මේ"
"හරි හරි, තල්ලු කරපු කෙනා අපි පස්සෙ හොයා ගමු. දැන් දූ නිදා ගන්න"
එහෙම කියලා අම්මා මයුමිගෙ ඔළුව ටතගාන එහෙම මයුමිටත් ඊට ටික වෙලාවකට පස්සිັනීපෙ සනීප.
.
.
.
.
.
( 1993 )
"පියල්.. පියල්"
වික්රම මුදලාලි බංගලාව දෙදරන්න කෑ ගැහුවා. ගෙයි පිළිකන්න පැත්තෙ හිටිය පියල් වේගයෙන් ඉස්සරහ මිදුලට දුවගෙන ආවා.
"පොඩි මුදලාලි"
"කොහෙද මනුස්සයො යන්නෙ?"
"මං පිළිකන්නෙ පැත්තෙ හිටියේ පොඩි මුද"
"යමන් තේ වත්ත පැත්තෙ"
"හා පොඩි මුදලාලි"
පියල් ජිප් එක අරන් සතියකට සැරයක් තේ වත්ත පැත්තට ඇවිත් බංගලාවේ ඉන්න පොඩි මුදලාලිවත් නග්ග ගෙන තේ වත්ත පැත්තට වාහනය හැරෙව්වා.
නුවර එළියේ අක්කර ගණනක් තියෙන තේ වත්තක හිමිකාරයා වෙන්නේ අවුරුදු තිහක් වුණු වික්රම මුදලාලි. කවුරුත් එයාට කතා කරන්නෙ පොඩි මුදලාා. මේ හැම දෙයක්ම වික්රම මුදලාලිට හම්බවුනේ පිය උරුමයෙන්. වික්රම මුදලාලිගේ තාත්තා රණබාහු. රණබාහු මුදලාලි ජීවත් වෙලා ඉන්න කාලේ තේ වතු තියෙන නුවර එළියෙ වගේම ගෙවල් තියෙන බදුල්ලෙත් තමන්ගෙ අණසක පතුරවගෙන හිටියෙ. හදිසියේම සිද්ද වුණු හදිසි අනතුරකින් රණබාහු මුදලාලි මෙලොව හැර දාලා යද්දි රණබාහුගෙ දේපළ, මිල මුදල්, වතු පිටි සියල්ල හිමි වුණේ පවුලේ එකම දරුවා වුණු වික්රමට.
උතුරන්න සල්ලි වගේම සල්ලිවලට යට කර ගත්තු බලයත් එක්ක ජීවත් වුණු රණබාහුගෙ සල්ලාල අඩි පාරෙම වික්රමත් ගමන් කළා. කාන්තාවෝ ආශ්රය කළත් වික්රම ඒ කිසිම කෙනෙක් ආශ්රය කලේ කසාඳ බඳින්න බලාගෙන නෙවෙයි. නමුත්, රණබාහුගෙ බිරිඳ, වික්රමගෙ අම්මා වත්සලා හරිම අහිංසක චරිත. තමන්ගෙ සැමියා ජීවත්වෙලා ඉන්නකන් එයාගෙ තාඩන පීඩනවලට යටත් වෙලා හිටපු වත්සලාට රණබාහුගෙ මරණින් පස්සෙ පුතාගෙ තාඩන පීඩනවලට යටත් වෙන්න සිද්ද වුණා.
"ඇවිදලා හරිම මහන්සියි බන්. යමන් බංගලාවට. දැන් නම් බඩගිනියි"
තේ වත්තෙ වට කිහිපයක් ඇවිදපු වික්රම මුදලාලි පියල්ට කීවා.
"හා පොඩි මුදලාලි. රාධා අම්මා කෑම උයලා"
"යමන් යමන්"
එහෙම කියලා යන්න හදපු වික්රම මුදලාලිගෙ අඩිය එක පාරටම නැවතුණේ ඈතින් තේ දළු කඩමින් හිටිය කෙල්ලෙක් දැකලා.
"අර කවුද පියල් අර?"
වික්රම මුදලාලි ඒ කෙල්ලව
"ඒ අර රාධවන්ගෙ පුතා රාජු බැඳලා ඉන්න කෙල්ල.උන් හපුතලේ ඉඳලා තියෙන්නේ .දැන් මෙහෙට පදිචියට ඇවිල්ලා. මං කීවේ පොඩි මුදලාලිට අලුතෙන් කෙල්ලෙක් වැඩට ආවා කියලා .ඒ ඔය කෙල්ල"
"බැඳලා කියලා කියන්න බෑනෙ බන්. බලහන් තාම පොඩි කෙල්ලෙක් වගේ"
"බැඳලා විතරක් නෙවෙයි පොඩි මුදලාලි ඕකිට අවුරුදු අටක දරුවෙකුත් ඉන්නවා"
"මොකක්? දරුවෙක්?"
වික්රමගෙ ඇස් උඩ ගියා. පියල් කියන්නෙ වික්රමගේ දකුණු අත වගේ ඉන්න මනුස්සයා. වික්රම මුදලාලි හැරුණත් ඉතින්, මුදලාලි ඒ කෙල්ල දිහා බලාගෙනම ඇස් අහකට ගන්නෙ නැතුව ඉන්නෙ ඇයි කියලා පියල් දන්නවා.
"පොඩි මුදලාලි"
"හ්ම්"
"කෙල්ල හැඩයි නේද"
රැවුල පිරිමදින ගමන් කෙල්ල දිහා කෑදර බැල්මකින් බලාගෙන හිටපු වික්රම මුදලාලිගෙ මූණට හීන් හිනාුක් ණෝදු හ.
